Member Login

Sign Up Login Tell SASA

Login

News Discussion

10th05/22

පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් මෙතෙක් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගPublished By: SASA Web Team

පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් මෙතෙක් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග

2022.05.09 දින අරලිය ගහ මන්දිරයට ඒකරාශී වූ පිරිසක් ඒ ඉදිරිපිට හා ගාලු මුවදොර සාමකාමී විරෝධතා දක්වමින් සිටි මහජනතාව ඉලක්ක කොට ගෙන දියත් කරන ලද ප්‍රහාරය ශ්‍රී ලංකා පරිපාලන සංගමය විසින්  දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින ලද අතර මෙම ප්‍රචණ්ඩත්වයට අනුබල දැක්වීම පිළිබඳව රජය වෙත දැඩි අප්‍රසාදය පළ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සමස්ත සාමාජිකත්වය 2022.05.10 දින සිට නැවත දැනුම් දෙන තුරු සියලු රාජකාරිවලින් ඉවත් වීමටත්  මෙම ක්‍රියාකලාපයේ සාධනීය වෙනසක් සිදුවන තුරු, දැනට පත් කොට ඇති දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මින් ඉදිරියට පිළිනොගැනීමටත්, මින් ඉදිරියට දේශපාලඥයින් සහභාගී වන කිසිදු රැස්වීමකට සහභාගී වීමෙන් වැලකීමටත් තීරණය කරන ලදී.  

මීට අමතරව, 2022.05.10 දිනය තුළ දී ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් පහත සඳහන් ක්‍රියාමාර්ග ගනු ලැබීය.

1) කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවා ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් ගරු කථානායකවරයා හමුවී ඔහු වෙත ලිපියක් බාර දීම.

[ගරු කථානායකවරයා වෙත ලබා දෙන ලද ලිපිය]

2) ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ආශ්‍රිතව සාමකාමී අරගලයේ යෙදී සිටි පිරිස් වලට ප්‍රහාර එල්ල කළ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හා මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම.

[අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල]

[ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය - 2022.05.10]

3) සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරයේ දී සිදුව ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම.

[මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල]

තව ද, පවතින අස්ථාවර තත්ත්වය කඩිනමින් නිමා කර ජනජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීම හා අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අනෙකුත් සියලු වෘත්තිය සංගම් සමග සාමුහිකව ක්‍රියා කිරීමට ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කටයුතු කරමින් සිටී.

   Please login! You can post a comment afterwards.

Best Web 2020 Award - Best None Profit Website