Member Login

Sign Up Login Tell SASA

Login

News Discussion

02nd12/21

රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධ යෝජනාවලිය Published By: SASA Web Team

රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධ යෝජනාවලිය

රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධ යෝජනාවලිය

2022 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධව ධනාත්මක මෙන්ම ඍණාත්මක අදහස් ඉදිරිපත් වී ඇති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ අවධානයට යොමු වූ අතර, ඒ පිළිබඳව ඉදිරිපත් වී ඇති අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගනිමින් නිසි විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකොට රජය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලදී. එම කමිටුව හරහා අනෙකුත් වෘත්තීය සමිති, රජයේ සේවකයන් හා මහජනතාවගේ ද අදහස් විමසීමට කටයුතු කරන ලද අතර විද්‍යාත්මක කරුණු විශ්ලේෂණයකින් පසු ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් අන්තර්කාලීන වාර්තාවක් රජය වෙත ඉදිරිපත් කරන ලදී.  මෙම අන්තර්කාලීන යෝජනාවලිය සැකසීමේදී ප්‍රධාන කරුණු කිහිපයක් නිරීක්ෂණය විය.

රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ දී රාජ්‍ය අංශයේ ඇතැම් සේවාවන්වලට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව නිසි කරුණු අධ්‍යයනයක් සිදුකොට නොමැති අතර, එම තීරණය ක්‍රියාත්මක කිරීම මගින් රාජ්‍ය අංශයේ බොහෝ සේවාවන්වල නිලධාරීන්ගේ උස්සවීම් ප්‍රමාද වීමක් ද සිදු වේ.

එමෙන්ම, අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට සමගාමීව වසර පහක් වැනි දිගු කාලයකට රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් සිදු කිරීම සීමා වීමක් ද සිදු වන බැවින්, රාජ්‍ය සේවයට තරුණ නිලධාරීන්ගේ දායකත්වය ලබා ගැනීමේ අවස්ථාව ඇහිරී යාමක් මෙන්ම රාජ්‍ය සේවයට එක්වීමට අපේක්‍ෂිත තරුණ තරුණියන් හට දැඩි අසාධාරණයක් ද සිදු වේ.

තවද, රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සංඛ්‍යාව සෑම වර්ෂයකම ඉහළ යමින් පවතින අතර, ඊට සාපේක්ෂව රජය විසින් විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වෙන් කළ යුතු මුදල ද ක්‍රමයෙන් ඉහළ යනු ඇත. මෙවැනි පසුබිමක් යටතේ විශ්‍රාම වැටුප් වියදම් කළමනාකරණය කිරීම සඳහා විශ්‍රාම වැටුප් අරමුදලක් නොමැති වීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අහිතකර අන්දමින් බලපෑම් ඇති වේ. එමගින්, ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් හිමිකමටද දැඩි තර්ජනයක් එල්ල වනු ඇත.

මෙම සියලු කරුණු සළකා, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් රජය වෙත ඉදිරිපත් කරන ලද අන්තර්කාලීන යෝජනාවලියේ ඇතුළත් ප්‍රධාන නිර්දේශයන්හී සාරාංශය පහත දැක්වේ.

  1. වෛකල්පිත විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55 න් ඔබ්බට දීර්ඝ නොකර එලෙසින්ම පවත්වාගෙන යාම.
  2. ජාතික විශ්‍රාම වැටුප් අරමුදලක් පිහිටුවා රජයේ සේවකයන්ගේ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් එම අරමුදලට යොමු කිරීම.
  3. රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස තීරණය කිරීම විධිමත් වැඩපිළිවෙලකට අනුව පමණක් සිදුකිරීම හා දැනට පවතින උපරිම වයස් සීමාව අවුරුදු 62 දක්වා, තෝරාගත් සේවාවන් සඳහා පමණක් දීර්ඝ කිරීම.
  4. අනිවාර්ය විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට සමගාමීව රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම.
  5. රාජ්‍ය අංශය තුළ ලබා දී ඇති සියලු සේවා දීර්ඝ කිරීම් වහාම අවලංගු කිරීම.
  6. රාජ්‍ය සේවයේ නිලධාරීන් හට කිසියම් නිශ්චිත කාලසීමාවක් සඳහා විදේශගතව සේවයේ නියැලීමට, පුද්ගලික අංශයේ සේවයේ නියැලීමට හෝ වෙනත් සුදුසු ව්‍යවසාය කටයුත්තක නියැලීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබා දීම සහ එම වැටුප් රහිත සේවා කාලය නිලධාරියාගේ විශ්‍රාම වැටුප් ගණනයට අදාළ කරගත හැකි වන පරිදි සුදුසු ක්‍රමවේදයක් හඳුන්වා දීම.

Read Full Text of the Proposal

 

  • රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධ යෝජනාවලිය  : a

   Please login! You can post a comment afterwards.

Best Web 2020 Award - Best None Profit Website