Member Login

Sign Up Login Tell SASA

Login

Forgot Password?
×

Forgot Password

Enter your registered email address and we'll send you a password reset link.

Back to Login

News Discussion

21st11/21

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධව අදහස් හා යෝජනා ලබා ගැනීම Published By: SASA Web Team

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධව අදහස් හා යෝජනා ලබා ගැනීම

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධව අදහස් හා යෝජනා ලබා ගැනීම

2022 අයවැය යෝජනා හරහා රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට සිදු කොට ඇති යෝජනාව සම්බන්ධව ධනාත්මක මෙන්ම ඍණාත්මක අදහස් හා යෝජනා ඉදිරිපත් වී ඇති බව අප සංගමයේ අවධානයට යොමු වී ඇත.

ඒ අනුව, මෙම යෝජනාව පිළිබඳව ඉදිරිපත් වී ඇති අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගනිමින් නිසි විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කොට රජය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් පංච පුද්ගල කමිටුවක් පත් කොට ඇත.

මෙම වාර්තාව සැකසීමේදී අනෙකුත් වෘත්තීය සංගම් හා අදාළ පාර්ශවයන් වෙතින් මෙන්ම මහජනතාවගෙන් මේ සම්බන්ධව අදහස් හා යෝජනා ලබා ගැනීමට උක්ත කමිටුව විසින් තීරණය කොට ඇත. ඒ අනුව, sasa.execo@gmail.com - විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය වෙත තම අදහස් හා යෝජනා 2021.11.25 දිනට හෝ ඊට ප්‍රථම ලබා දීමේ හැකියාව පවතී.

  • රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධව අදහස් හා යෝජනා ලබා ගැනීම  : a

   Please login! You can post a comment afterwards.

Best Web 2020 Award - Best None Profit Website